වසන්තයේ තවත් ලස්සනම ලස්සන දවසක්...
මතකද නුඹ මගේ අතින් අල්ලාගෙන
ඇවිදගිය මහවැලියේ ඉවුර දිගේ...
නිහඩ බව බිදන්න අකමැතිනිසාමදෝ
දෑස් වලින් අපි හුගක්දේ කතාකලා...
නුඹේ ඒ දිලිසෙන නෙතුපිය සෙවනේම මම
අනන්ත වාරයක් සුසුම් හෙලන්නැති
නුඹට හොර රහසින්ම...
කෙලසකින් මම නුඹට කියන්නද
හෙට දිනයේ ඔය දෑස් මගෙන් දුරස්
වන වගක් ...
දෑත් පටලන් ඇවිදන් ගියත් හෙට දිනයේ
ඔය දෑත අහිමි වන වගක්...
කඳුලු සගවන් හිනාවෙන හැම මොහොතක්ම
හෙට දිනයේ කඳුලු විලක් වේවි කියලා
නුඹටත් හැඟුනනම් ඒ හැන්දෑවෙ...
වසන්තය හැමදාමත් තියේවි...
ඒත් ඒ වසන්තය හිරුත් සමගින්ම බැස ගියත්..
ලොවම අප දෙදෙන දුරස් කෙරූවත්
ජීවත් කරවාවි හැමදාමත්
ඒ ඇස් වල ලියා තිබුනු අසීමිත ආදරය...