Friday, February 26, 2010

වසන්තය නිමාවිය...


වසන්තයේ තවත් ලස්සනම ලස්සන දවසක්...

මතකද නුඹ මගේ අතින් අල්ලාගෙන

ඇවිදගිය මහවැලියේ ඉවුර දිගේ...

නිහඩ බව බිදන්න අකමැතිනිසාමදෝ

දෑස් වලින් අපි හුගක්දේ කතාකලා...

නුඹේ දිලිසෙන නෙතුපිය සෙවනේම මම

අනන්ත වාරයක් සුසුම් හෙලන්නැති

නුඹට හොර රහසින්ම...

කෙලසකින් මම නුඹට කියන්නද

හෙට දිනයේ ඔය දෑස් මගෙන් දුරස්

වන වගක් ...

දෑත් පටලන් ඇවිදන් ගියත් හෙට දිනයේ

ඔය දෑත අහිමි වන වගක්...

කඳුලු සගවන් හිනාවෙන හැම මොහොතක්ම

හෙට දිනයේ කඳුලු විලක් වේවි කියලා

නුඹටත් හැඟුනනම් හැන්දෑවෙ...

වසන්තය හැමදාමත් තියේවි...

ඒත් වසන්තය හිරුත් සමගින්ම බැස ගියත්..

ලොවම අප දෙදෙන දුරස් කෙරූවත්

ජීවත් කරවාවි හැමදාමත්

ඇස් වල ලියා තිබුනු අසීමිත ආදරය...

Tuesday, February 16, 2010

සරසවියේ සුන්දරත්වය

අවුරුදු 20ක් විතර සෙන්කඩගල අපුරුව විඳල තියනව...
ඒ තියන සුන්දරත්වය අපි රටට කියන්නෙ
පුදුමාකර ආඩම්බරයකින්...
ටිකක් තේරෙන වයසේ ඉදලම
නිතර නිතර දකින පේරාදෙනිය සරසවියට
යන්න තිබුනනම් කියල හිතුන වාරනම් අනන්තයි...
එහෙම හිතුනෙ නොඉදුල් හන්තාන වටකරගත්
සුන්දර මහවැලිය පසෙකින් ගලාබසින
එ සුන්දර භූමියේ අකුරු කරන්න ඇති
ආසවටම කීවොත් නිවැරදි...
එත් කිසිම කෙනෙකුන් නොදකින,
ඒ සුන්දරත්වය පිටුපස සැගවගත් ප්‍රචන්ඩත්වය,
කෘරත්වය එ සුන්දර භුමියෙ රජකරනව කියලා
මට තදින්ම දැනුනෙ 2010.02.13 කීවොත් නිවරැදි...
ඒ අපේ පලමු වසරේ චරිකාව දවස...
පේරාදෙනිය සරසවියට යන්න වරම් නොලැබුනාම
මගෙ හිතෙ පුංචි දුකක් ඇති වුනත් එදානම් මට
දැනුනෙ මන් ලොකු පිනක් කරලා කියල...
ඒ එදා පේරාදෙනිය සරසවියේ සහොදරයො අපිට
සැලකුව අපූරුව කිසිම දවසක අමතක නොවෙන නිසයි..
මම ආදරය කරන කොලඹ සරසවියේ, කිසිකෙනෙකුට
නොපෙනෙන කිසිම කෙනෙකුට නොසිතන සුන්දරත්වයක්
ඒ පුංචි භුමියේ තුල තියෙනවා කියලා
2010.02.13 තහවුරු වුන නිසයි...
පටු දේශපාලන අරමුනු වලින් තොරව
එකෙක්ට එකෙක් ලොකු බැදීමකින් ,
කිසිම කෙනෙකුගේ රූකඩ නොවී...
නිදහස උපරිමෙන් භුක්ති විදිමින්
සරසවි ජීවිතය විදින්න ලැබුන එකම මහත් භාග්‍යක්...
භාහිරින් පෙනෙන සුන්දරත්වය
කෙතරම් රැවටිල්ලක්ද කියල මට
එදානම් අනන්තවත් හිතෙන්න වුනා...

Saturday, December 26, 2009

එක හැන්දෑවක...




මුහුදු වෙරලේ එක් ලස්සන හැන්දෑවකදී
මතකද ඈත පෙනෙන ක්ෂිතිජ ඉමට
අත දිගුකර නුඹ කියාදුන්න
ආදරේ සුන්දර බව...
දුටු ඒ හිරුත් නිල් සයුරත්
ආදරෙන් වෙලෙන වග
රත් පැහැ ගත් ආකාසෙත්
සාක්කි කියාවි දිවුරම...
දසුන සුන්දර වුනත් ලොවම
මුලාකලාදෝ මට සැකයි?
පෙරදා හිරු මෙන්ම සඳුත්
සිප වැලද ගනි අර නිල් සයුර...
නැගෙනහිර අහස් කොන තනිවෙලා
ඒ දෙස නොබලා වලා අතර සැගවී
ලොවෙන් වසන් වෙන්න වෑයම් කරන
හිරු මෙන්ම අසරණ වුව වතද මා මෙදින...
කියනු මැන මා සොඳුර?