Friday, February 26, 2010

වසන්තය නිමාවිය...


වසන්තයේ තවත් ලස්සනම ලස්සන දවසක්...

මතකද නුඹ මගේ අතින් අල්ලාගෙන

ඇවිදගිය මහවැලියේ ඉවුර දිගේ...

නිහඩ බව බිදන්න අකමැතිනිසාමදෝ

දෑස් වලින් අපි හුගක්දේ කතාකලා...

නුඹේ දිලිසෙන නෙතුපිය සෙවනේම මම

අනන්ත වාරයක් සුසුම් හෙලන්නැති

නුඹට හොර රහසින්ම...

කෙලසකින් මම නුඹට කියන්නද

හෙට දිනයේ ඔය දෑස් මගෙන් දුරස්

වන වගක් ...

දෑත් පටලන් ඇවිදන් ගියත් හෙට දිනයේ

ඔය දෑත අහිමි වන වගක්...

කඳුලු සගවන් හිනාවෙන හැම මොහොතක්ම

හෙට දිනයේ කඳුලු විලක් වේවි කියලා

නුඹටත් හැඟුනනම් හැන්දෑවෙ...

වසන්තය හැමදාමත් තියේවි...

ඒත් වසන්තය හිරුත් සමගින්ම බැස ගියත්..

ලොවම අප දෙදෙන දුරස් කෙරූවත්

ජීවත් කරවාවි හැමදාමත්

ඇස් වල ලියා තිබුනු අසීමිත ආදරය...

6 comments:

  1. ජීවිතය පුදුමාකාරයි ....
    අපට ලැබෙනවාසේ පෙනෙන්නේ දෙයක් ...
    අපට ලැබෙන්නේ දෙයක් ....
    ඒ ලැබීමද? වාසනාවද? පිනද?
    ඒ මොකක්ද කියල තේරෙන්නේ නම් නැහැ ....

    ඒත්....

    අවසානයට සිදුවන්නේ ...
    ඒ පුදුමාකාර ජීවිතයට අපට මුහුණ දීමට සිදුවීම පමණයි ....
    එය අලංකාර සිනහවක් සමගම වේවා :)
    ඒ සැවොම වෙනුවෙන් මාගේ ඒකායන පැතුමයි .........

    ReplyDelete
  2. අදරය.........
    නොලැබුණාම දුකක්
    ලැබිලා නොලැබුණාමත් දුකක්
    ලැබුණාම.......?????????
    එත් අදරය
    නැතුව ජිවිතයට ජිවයක් නෑ.......

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. wow....... your lyrics are great.. milee

    ReplyDelete
  5. Lyrics are really great as nisala says. But it's bit difficult for me to understand what is really meant by this. However get a good experience for ur life from the incident happened and face the future with good strength.

    ReplyDelete
  6. Yes Milee. we hope you will remain happy no-matter what happened. I wish you for a better future... Good Luck

    ReplyDelete