Tuesday, February 16, 2010

සරසවියේ සුන්දරත්වය

අවුරුදු 20ක් විතර සෙන්කඩගල අපුරුව විඳල තියනව...
ඒ තියන සුන්දරත්වය අපි රටට කියන්නෙ
පුදුමාකර ආඩම්බරයකින්...
ටිකක් තේරෙන වයසේ ඉදලම
නිතර නිතර දකින පේරාදෙනිය සරසවියට
යන්න තිබුනනම් කියල හිතුන වාරනම් අනන්තයි...
එහෙම හිතුනෙ නොඉදුල් හන්තාන වටකරගත්
සුන්දර මහවැලිය පසෙකින් ගලාබසින
එ සුන්දර භූමියේ අකුරු කරන්න ඇති
ආසවටම කීවොත් නිවැරදි...
එත් කිසිම කෙනෙකුන් නොදකින,
ඒ සුන්දරත්වය පිටුපස සැගවගත් ප්‍රචන්ඩත්වය,
කෘරත්වය එ සුන්දර භුමියෙ රජකරනව කියලා
මට තදින්ම දැනුනෙ 2010.02.13 කීවොත් නිවරැදි...
ඒ අපේ පලමු වසරේ චරිකාව දවස...
පේරාදෙනිය සරසවියට යන්න වරම් නොලැබුනාම
මගෙ හිතෙ පුංචි දුකක් ඇති වුනත් එදානම් මට
දැනුනෙ මන් ලොකු පිනක් කරලා කියල...
ඒ එදා පේරාදෙනිය සරසවියේ සහොදරයො අපිට
සැලකුව අපූරුව කිසිම දවසක අමතක නොවෙන නිසයි..
මම ආදරය කරන කොලඹ සරසවියේ, කිසිකෙනෙකුට
නොපෙනෙන කිසිම කෙනෙකුට නොසිතන සුන්දරත්වයක්
ඒ පුංචි භුමියේ තුල තියෙනවා කියලා
2010.02.13 තහවුරු වුන නිසයි...
පටු දේශපාලන අරමුනු වලින් තොරව
එකෙක්ට එකෙක් ලොකු බැදීමකින් ,
කිසිම කෙනෙකුගේ රූකඩ නොවී...
නිදහස උපරිමෙන් භුක්ති විදිමින්
සරසවි ජීවිතය විදින්න ලැබුන එකම මහත් භාග්‍යක්...
භාහිරින් පෙනෙන සුන්දරත්වය
කෙතරම් රැවටිල්ලක්ද කියල මට
එදානම් අනන්තවත් හිතෙන්න වුනා...

2 comments:

  1. අභිමානවත් UCSC ය තුළ සිසුවකු වීමට අප සතුවූ වාසනා මහිමය පැහැදිලි වන්නේ මෙවන් විටෙකයි..... පින්බර පේරෙ බිම අපායක් කරන අවලං අන්තර රැල විනාශ වූ දාට පේරෙ බිම යළි දෙව්ලොවක් වේවි.... ඒ කවදටද? එය දන්නේ කවුද?

    ReplyDelete
  2. ඇත්තටම මිලානි........
    පේරාදෙනිය සරසවියේ සුන්දරත්වය අපි නෙතින් දුටුවා
    මේ සුන්දරත්වය පේරාදෙනිය සරසවියේ සිසුන්ගෙනුත් දුටුවා නම්
    මේ සරසවිය කොතරම් සුන්දර වන්නට තිබුනා ද?...
    එත් අද
    ඒ සුන්දරත්වය වැලලි ගොසින් පේරා සරසවියේ සිසුන් කිපදෙනෙක් නිසා.........
    මෙවන් දේ සරසවියක් තූල සිදු විය යුතූ ද ?..........
    අපි ඔවුන්ට අරධනා කරමු ගෙඩනගන්න
    ප්‍රචන්ඩත්වයෙන් තොර සාමකාමි සුන්දර විශ්ව විද්‍යාල පද්දතියක් නිර්මාණය කරන්නට අපේ රටේ........

    ReplyDelete